ගී අරුත්
තරු අරුන්දතී නෙතු පහන් නිවා – දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින් – පිණි පොදක් සෙමෙන් සලනා
ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව
පද – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – ස්ටැන්ලි පීරිස්
තරු අරුන්දතී ගීතයේ පද තුල අපට අවශ්‍ය නම් කතන්දර රැසක් උපදවාගන්නට තරම් නිමිති තිබෙනවා. උපමා ඉඟි වැකි බොහොම ගණනක් භාවිතා කරලා ලියලා තියෙන මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහ මහත්මයාගේ ගීත රචනා වලින් ඉහළම එකක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්.
ගීතයේ හැටියට ගීතය ගායනා කරන්නේ හුදෙකලා පෙම්වතෙක්, ඔහු ගේ සිතේ තිබෙන ඇය පිලිබඳව ඇති පාලු හිස්තැන කිසිවෙකුටත් පිරවිය නොහැකි තරම්. වෙනදා තමන් එනතුරු ඈ බලා සිටි කවුළුව අද පාලුවට ගොසින්. අතීතයේ ආදරේ පිරුණු ජීවිතෙත් ඒ වාගේම පාලුවට ගොසින්. කිසිවක් නොකියා තමන් වෙතින් ගියත්, ඇය නැවතත් තමා වෙත ඒ යැයි බලාපොරොත්තු වන පෙම්වතා වෙනත් ආදරයක් ගැන සිතන්නේවත් නැහැ. ඔහු ජීවිතයේ අවසානය දක්වාම පාරමිතාවක් මෙන් ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි. ඒ ඈගේ නැවත පැමිණීමයි.
පෙරුම් පුරාගෙන ආ සංසාරේ – පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ -දුම්රිය මොහොතක් නතර වුනේ
ගායනය – සේනානායක වේරලියද්ද
පද – මහකණමුල්ලේ වජිර හිමි
සංගීතය – සේනානායක වේරලියද්ද
මේ සින්දුව ටිකක් වෙලා අහගෙන යනකොට හිතෙන්න ගන්නවා මේකේ මොකක් ගැනද මේ කියවෙන්නේ කියලා. කෝච්චියක් ගැන කියනවා, ආදරයක් ගැන කියනවා… ප්‍රශ්න ගොඩයි.
එහෙත් ඇත්තටම මේ ගීතයේ කියවෙන්නේ පෙම්වතුන් යුවළක් ගැන. ඔවුන්ගේ ප්‍රේමයට දෙමාපියන් අකමැති වෙනවා. නමුත් ඔවුන් තමන්ගේ ප්‍රේමය අත හැරීමට සුදානම් නැහැ. ඒ නිසා ඔවුන් ආදරයේ නාමයෙන් දුම්රියට පැන දිවි තොරකර ගැනීමට තීරණය කරනවා.
මහකණමුල්ලේ වජිර ස්වාමින්වහන්සේ දුම්රියකින් ගමන් කරත්දී මුහුණ දීමට වූ සිදුවීමක් ඇසුරින් මේ ගීය ලියූ බව සඳහන් වෙනවා වුනත්, අපිට හිතෙන්නේ මේ ගීතය ඇතුලේ තවත් නොකියවුණු කතා ඇති කියලයි. සමහර විට ඒ ගීතයේ තනුවේ, ගීතයේ තේරුමේ තරම් ශෝකී බවක් නැති හින්දත් වෙන්න පුළුවන්. මේ ගැන ඔයාලා හිතන්නේ මොකක්ද?
මුව මුක්තා ලතා පිපි හංසාංගනා – විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ – ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
ගායනය – එඩ්වඩ් ජයකොඩි
පද – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – ආනන්ද පෙරේරා
මම හිතන්නේ මෑත කාලේ රචකයෙක් ලියූ ගීතයක තිබ්බ බොහොම බැරෑරුම්ම වචන එකතුවක් මේක. ඇත්තටම මේ ගීතයේ තේරුම කොයි විදිහේ එකක්ද?
අපි එයට මෙහෙම ප්‍රශ්නාවලියක් ඔබට ඉදිරිපත් කරන්නම්..,
මංගල රාත්‍රියක් අරඹන නව යොවුන් යුවළකට ඒ අත්දැකීම කෙසේ දැනේවිද?
ගීතය ගැයෙන්නේ මනාලයාගේ මුවෙන්. ලොව සුන්දරම යුවතිය තමන් ඉදිරියේ සිටින කල ස්වර්ණ වර්ණ පැහැයෙන් දිලෙනවා කියනු හැර කියන්නේ වෙන කුමක් ද?
ඇගේ මණි මේඛලා ඇතුළු ආභරණ සිය හිමියන්ගේ අතින් එකිනෙක ගිලිහෙත්දී ඈත් ඔහුත් ලබන සංතෘෂ්ටිය ගීතයේ පද වලින් නිරූපිත වෙනවා ද?
දෙදෙනාගේම එකම පැතුම මේ සුන්දර රාත්‍රිය තව තවත් දිගුවේවා කියා ද?
මේ ඔවුන්ගේ ප්‍රේමයේ උට්ඨානයද?.
copied aniwa.lk
No comments:
Post a Comment