Tuesday, July 2, 2019

හිපි සංස්කෘතිය

හිපි සංස්කෘතිය

ප්‍රධාන සංස්කෘතියක ලක්‍ෂණ ඇතුළත්වු,තමන්ටම අවේණික සමාජ හරපද්ධතියක් නිර්මාණ කොටගත් උප සංස්කෘතියක් ලෙස හිපි සංස්කෘතිය හැදින්විය හැකිය
ලොව කලින් කල විවිධ උපසංස්කෘතීන් පහළ වේ. පවතින සංස්කෘතික රාමුවෙන් පිට, සංස්කෘතික වටිනාකම්වලට වෙනස්ව ගොඩනැගෙන මෙම උපසංස්කෘතීන් පවතින සංස්කෘතියට විවිධත්වයෙන් යුතු දේ එක් කරනු ලබන අතරම සංස්කෘතියෙහි නවීකරණයටද බලපෑම් එල්ල කරයි. එමෙන්ම පවතින සංස්කෘතික සමාජයට  බලපාන අහිතකර දේවල්ද ඒ අතර නැතුවා නොවෙයි.



නවසීලන්තය,ජපානය,මෙක්සීකෝව බ්‍රසීලය ,කැනඩාව ආදී කොටගත් යුරෝපයේ ‍බෝහෝ රටවල මෙම සංස්කෘතිය ව්‍යාප්තව පැවතුනද, මූලික ලෙස හිපි සංස්කෘති‍යේ ප්‍රභවය දැකගත හැකි වුයේ ඇමරිකානු සමාජය තුළිනි.1960 දශකයේ මුල් භාගයේ ඇරඹි මෙම හිපි සංස්කෘතිය මුල් කාළීන යුගයේදි සමාජ හා සංස්කෘතික ව්‍යාපාරයක් ලෙස දැකිය හැකි විය. තරැණ කොටස් රෑසකගේ ඵකතුවක් මෙහි දැකගත හැකි වු අතර,මෙම තරැණ කොටස් වයස අවුරැදු 15-25 දක්වා වයස් කාණ්ඩ වලින් යුක්ත විය.නිදහස සහ ස්වාධීනත්වය ප්‍රිය කළ මොවුන් බොහෝ දෙන,ඇමරිකානු මධ්‍යම පාන්තික පවුල්හැර දමා පැමිණි අය වීම විශේෂ විය. ඇමරිකානු සමාජය හා අනෙකුත් සමාජ සංස්කෘතීන් තුළ දක්නට නොහැකි වු විශේෂතා රැසක් හිපි සංස්කෘතිය තුළ දැකගත හැකි විය.පවත්නා සමාජ හරයන් විවේචනය කළ මොවුන්,විරෝධය හා අකමැත්ත පෙන්වුයේ තම ජීවන ශෛලිය තුළිනි.ඵ්, පවත්නා ජීවන රටාවට විකල්ප ජීවන ශෛලියක් හදුන්වා දීම තුළිනි.ආහාර පාන,ඇදුම් පැළදුම්,නිවාස ඉදිකිරිම්,ප්‍රවාහන සේවා ,සංගීතය හා දර්ශනය මොවුන්ගේ ප්‍රකාශන මාධ්‍ය වු අතර ඵය භාහිර සංස්කෘතීන්ට තම අදහස් ප්‍රකාශනයට මහඟු රැකුලක් විය.වර්තමානය වනවිට හිපි සංස්කෘතියේ බලපෑම තරැණ තරැණියන් තුළ දැකිය හැකි අතර, විශේෂයෙන්කොණ්ඩා සැලසුම් හා ඇඟලුම් විලාසිතා ක්‍ෂෙත්‍රය කැපී පෙනේ.
“හිපි” යනුවෙන් හැඳින්වෙන උපසංස්කෘතිය 1960, 1970 දශකවල ප්‍රධාන ඇමෙරිකන් සංස්කෘතියට එරෙහි තරුණ ව්‍යාපාරයක් ලෙස එක්සත් ජනපදයේ දී බිහි විය. මුලින්ම මෙම ව්‍යාපාරය එක්සත් ජනපදයේ පාසල්වල සහ විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වූ අතර එය කැනඩාව, බ්‍රිතාන්‍යය වැනි අනෙක් රටවල ද පැතිර ගියේ වසංගතයක් මෙනි. යුරෝපා රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මෙක්සිකෝව, හා බ්‍රසීලය වැනි රටවලත්, ආසියාතික රටක් වූ ජපානය තුලත් පවා තරුණ තරුණියන් මෙම උපසංස්කෘතියට ආකර්ෂණය විය. සංගීතය, සාහිත්‍යය, නාට්‍ය කලාව, ඇඳුම් විලාසිතා, දෘශ්‍ය කලාවන් වූ චිත්‍රපටි, රොක් සංගීත සන්දර්ශන පිළිබඳ කියැවෙන පෝස්ටර් හා බැනර් ආදිය හරහා හිපි සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. 1967 වන විට එක්සත් ජනපද ජනගහණයෙන් 0.2% ක් හිපි සංස්කෘතිය නියෝජනය කරන්නන් බවට පත්ව සිටියේ ය.
Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ඇමෙරිකානු කතුවරයකු ලෙස කටයුතු කළ ඩේසි ශේයිද්ලොවර් පවසන්නේ ‘හිප්ස්’ සහ ‘හිපි’ යන වචන දෙකම බිඳී ආවේ ‘හිප්ස්ටර්’ යන වදනින් බව ය. හිප් යන්නේ අරුත උකුළ හෝ ඇටය වන අතර එම වචනයේ බිහිවීම කොයි ආකාරයෙන් සිදුවී ද යන්න පිළිබඳව වාග් විද්‍යාඥයින් සතුව පැහැදිලි අදහසක් නැත.

No comments:

Post a Comment