Monday, April 8, 2019

කුමරියක පා සළඹ සැලූනා..


කුමරියක පා සළඹ සැලූනා..





පද රචනය කේ. ඞී. කේ. ධර්මවර්ධන

සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක

ගායනය ආචාර්ය පණ්ඩිත් අමරදේව



අසහාය ගී පද රචකයෙකු වන කේ. ඞී. කේ. ධර්මවර්ධන දක්ෂ, ජනපි‍්‍රය ගී පද රචකයකු මෙන්ම විද්‍යුත් මාධ්‍යවේදියකු  ලෙසද මහත් කාර්යභාරයක් සිදු කර ශේෂ්ඨ නිර්මාණකරුවෙකි. 2000 නොවැම්බර් හය වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙලොවින් සදහටම සමුගෙන ගිය ඔහු සිය අමිල මෙහෙවර උදෙසා කිසිදා බුහුමන් නොලද විශිෂ්ට කලාකරුවකු ලෙස හඳුන්වා දිය හැක. කිසිදා බුහුමන් නොලද විශිෂ්ට කලාකරුවකු වන කේ. ඞී. කේ. අද බොහෝ දෙනකු හට අමතක වී ගොස් ඇති සේය. නමුත් අදටත් ඔහුගේ අනර්ඝ නිර්මාණ අදටත් රස විඳින්නේ ඔහු තුල වූ ඇති විශෂි්ඨ නිර්මාණකරණයේ වූ ප‍්‍රතිභාව නිසාමය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහකාර පුස්තකාල කළමනාකරු ලෙස වෘත්තිය ජීවිතය අරඹා ඇති කේ. ඞී. කේ. ධර්මවර්ධන ඒ අතර එකල පළ වූිසිංහල බෞද්ධයා’ පත‍්‍රයේ ලේඛකයකු ලෙස ද කටයුතු කර ඇත. පසුව සිය පුස්තකාල කළමනාකාර රැුකියාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට මාරුවීමක් ලබාගෙන පැමිණෙන්නේ ගුවන් විදුලියට සම්බන්ධ වීමට වැඩිපුර අවස්ථාව ලබා ගැනීමට ය.  කේ. ඞී. කේ. සතුව පැවති ප‍්‍රතිභාව ඔහුට සහජයෙන්ම උරුම වූ අසාමාන්‍ය ප‍්‍රතිභාවකි. මහනුවර ධර්මරාජ විදුහලෙන් මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත‍්‍ර නායක ස්වාමින් වහන්සේගෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා හැදෑරීමෙන් උපමා රූපක යොදමින් බස හැසිරවීමට ද කේ. ඞී. කේ. වඩාත් පරිණත වී තිබෙ. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඞී. කේ. ට හැකියාව ලැබුනේ ද භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසාමය.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයු ”මහ වැස්සක පෙර නිමිති” (මා දැන් මහලූ වියේ*, කුමරියක පා සළඹ විජේරත්න වරකාගොඩ ගැයූ”මිහිරි සිහිනයක දැවටුණු” ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයු ” දිනෙක හිරු බැස යන” - ”නීල බිඟු කැල” - ”හෝපලූ වන පෙත” - ”සඳ හරිැ පවතින තුරු” - ”අපි උදේ ගිහිල්ලා” වැනි හැත්තෑවේ දශකයේ වඩාත් ජනපි‍්‍රය වූ ගීත සංකල්පනාවන්ගේ හිමිකාරයා කේ. ඞී. කේ. වූ අතර වර්තමානයේ ගීතලෝලීන් අතර ද ආදරය දිනා ඇති ”මගෙ හිත වෙනතක” - ”සතුටු සුළං රැුලි” - ”කවුදො ්කවුදෝ” (ඉන්ද්‍රානි පෙරේරා* - ”ආදර සීනුව” - ”රනින් මාල” (ගේ‍්‍රෂන් ආනන්ද* - ”රන් මී විත පුරවා” - ”මා සනසා” - ”නිලූපුල් යුවළේ” (මර්වින් පෙරේරා* - ”ඇගේ සිනහව තහනම්” - ”ගම මහනුවරයි” (චන්ද්‍රකුමාර් කඳනආරච්චි* - ”රිදී නිම්නය කඳුළු නිම්නය” (බන්දුල විජේවීර* - ”සුරඟන වෙස් වළා” (ගෝල්ඩන් චයිම්ස්* - ”බිඟු බමා බමා” - ”ඔබට සිත ආදරේ කරයි” (දයාරත්න පෙරේරා* - ” සුවඳ දෙන මල් වනේ” (රූකාන්ත ගුණතිලක* වැනි ගීත දෙදහසක් පමණ ඔහෙුග් ගී පද සරණියේ ඇතුළත් ය. මෙහිදී අපට අමතක කළ නොහැකි දායකත්වයක් කේ. ඞී. කේ. ධර්මවර්ධන නමැති ගී පද රචකයාට ලැබී ඇත්තේ මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාණන්ගෙන් ය. කේ. ඞී. කේ. මුලින්ම ගී පද රචකයකු වන්නේ ද මිල්ටන්ගේ ඇරියුමින් ය.

මනසක් , සිතක් සැනසීමට නිසසල කිරීමට ගීතය සතුව ඇත්තේ අපුර්ව වූ හැකියාවකි.වත්මන් ගීතය හා සැසඳීමේදී මෙය යම් මතභේදාත්මක තත්වයක් ඇති මුත් පැරණි ගීත සාහිත්‍ය තුල ගීතය අපුර්ව හැඟීම් සමුදායක රසිකයා නිමග්න කිරීමට තරම් වූ ශක්තියක් එම නිර්මාණ තුල පැවතීම අවිවාදාත්මකය.එයට එකී නිර්මාණකරුගේ අසහාය ප‍්‍රතිභාව ,පරිකල්පනය , අපුර්ව පද සංකලනය නිර්මාණයට ජිවය එක් කරයි.”කුමරියක පා සළඹ සැලූනා” ගීත නිර්මාණය එවැනිම වූ නිර්මාණ කාර්යකි.කේ.ඞී.කේ.ධර්මවර්ධනයන් ගේ පද සංකලනයෙන් හැඩවුන,ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සත්සර රිද්මයෙන් හා ආචාර්ය අමරදේවයන්ගේ හඬ මුසුවෙන් එක වූ සුසංයොග්ය ගීත සාහිත්‍යයේ අමරණිය සලකුණක් ලෙස සටහන් වී ඇත්තේ ඒ තුල වූ අපූර්වත්වය පාදක කොට ගෙනය.



කුමරියක පා සළඹ සැලූනා..



කුමරියක පා සළඹ සැලූනා..

වසා සිටි නෙතු පියන් ඇරුනා..

කුමර බඹසර අසපුවේ මා..

සම වැදී උන් දැහැන් බිඳුනා..

කුමරියක පා සළඹ සැලූනා..



උකුල ළැම හස මලවි කරලිය

මුවා කල ඇගෙ දුහුල් සළු තිර

විවර කෙරුවා මනස් සලෙළුන්

උමතු වු දෙනුවන් රැුහැන් ඇද

මා අබියස මැවුනු තුසිතය

සුරන් නැළවූ සුයාමය..



කුමරියක පා සළඹ සැලූනා..



නිසල ජීවන තපෝ වන මැද

හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද

තලා සිත කම්පනය කරවයි

ලපලූ තුරුවැල් කැකුළු මල් පෙති

මා හඬවයි බිඳුනු තුසිතය

සුරන් නැලවූ සුයාමය..



නිර්මාණශීලි බවින් අනූන ගීත නිර්මාණයක් ලෙස මෙම ගීතය හඳුන්වාදිය හැක. ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සංගීතයට, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මෙම ගීතය සංවේදී මෙන්ම සංකීර්ණ වූත් ගීතයක් ලෙසින් ද දැක්විය හැකිය. ඉතා දිගු ඉතිහාසයක් මෙම ගීතය සතු වුවත් අදටද කිසිදු වෙනසකින් තොරව මෙම ගීතය රස විඳින්නේ හා රස විඳිය හැක්කේ මේ ගීතය තුල ඇති නිර්මාණාත්මක ගුණයන් නිසාමය. සරල වචන සරල භාෂාවෙන් යොදා තිබීමෙන් සරල අර්ථයක් මතු කෙරෙන ලෙස හැෙඟන මුත් මේ තුල පවතිනේ ගැඹුරු වූ දර්ශනයකි. එය නිර්මාණකරුව රසිකයා වෙත සමීප කරවන්නේ උචිත වූ භාෂා රටවකිනි. මෙම නිර්මාණය පුරාම පවතින ව්‍යංග්‍යර්ථයන් නිර්මාණයට නව ජීවයක් එක කරයි. ප‍්‍රභල උපමා රූපක භාවිතය ද මෙකි නිර්මාණයට එක කරනුයේ අපූර්ව වූ හැඩයකි. එසේම ගීතය ආරම්භයේදීම පා සළඹේ හඬ අපූරුවට ගීතය හා මුසු කරලීමට අමරදේවයෝ සමත් වී ඇත.



උකුල ළැම හස මලවි කරලිය...

මෙහි ”හස” යනු හංසයා යන්නයි. ඇයගේ පුලූලූකුල, හංසයින් යුවලක් හා සමවූ ලැම, අනංගයාගේ (මලවි* රඟමඬලයි (කරලිය*.



මේ ලෙස උපමා රූපක භාවිතයක් මෙම නිර්මාණය තුල දැකගත හැක.



නිසල ජීවන තපෝ වන මැද..

හැගුම් ගජසෙන් යදම් බිද වැද..



මේ තුල මෙකි පුද්ගලයාගේ මනෝ ස්වභාවය ඔහුගේ නිසසල බව බිඳී යාම පිළිබඳව දක්වන්නේ සාර්ථක ලෙස ව්‍යංග්‍යර්ථ පද එක් කරමිනි. මේ නිසාම මෙම පද පෙලට එක කරනු ලබන අර්ථ සමුදාය අති විශිෂ්ටය.

මෙම ගීතය විවිධ අයුරින් තෙරුම් ගැනීමටත්, එමෙන්ම එය තමන් සතු ජීවිත අද්දැකීම් හරහා ස්වකීය කොට ගැනීමටත් පාඨකයාට අයිතියක් ඇත. සරලවම මෙයින් කියැවෙන්නේ කාන්තාවක සතු රූප ස්වහාවය සහ එය ඇසින් හෝ මනැසින් විඳින පුරුෂයකවිසින් තමන් ගේ විඳීම ඉදිරිපත් කරන ආකාරයයි.

ධනය,බලය හා ලිංගිකත්වය යන ත‍්‍රිත්වයට මනුෂ්‍යයෝ බොහෝ සෙයින් ප‍්‍රිය කරන බැව් දාර්ශනයකු විසින් කියා ඇත.එය සත්‍යයක් බැව් හොඳින්ම පෙනේ.මන්ද මනුෂ්‍යයා නොනවතින තරඟයක යෙදී සිටින්නේ ඉහත කී අරමුණු සාක්ශාත් කරගැනීමට බැව්  ඕනෑම පුද්ගලයෙකුට හොඳීන්ම වැටහෙන කරුණකිග මෙෙ ගීතය ෙඟින් සමමභොග සුවය විඳගැනීෙට මිනිසො තුළ ඇති ම ෝලීත්වයත්ලඑකී පරෙොර්ථය බිඳී ගිය කල්හි ඔහුතුළ ඇතිවන ම ෝකී ෙමනෝභොවයන් හැඟීම නිරූපිතියගඑකී ෙමනෝභොයන් මේය පද රචකයො අපූවථ ම සින් තෙ පරිකල්හපනයට හසු මකොට මගන ඇතග ඉතො ඈත අතීතමේ පටන්ෙ මිනිසො අධික කොෙො ොමවන් මපමළේග ක්‍රිගපූ 400-200 අතර කො ය තුළ වොත්සයොයන් විසින් රචිත යැයි සැ මකන කොෙ සූත්‍රය තුළින් ඔහු මිනිසුන්මේ අරුෙ පුදුෙ ලිංගික චයථොවන් විවරණය කරයිග මිනිසො සතු මෙකී කොෙො ොව වගථයො ම ෝකරලීෙ සඳහො සේභොවධෙථයො විසින් මයොදනු  ැබූ උපක්‍රෙයක්  ැව් අපට සිතිය හැකියග



මසැසින් දකින, මනසේ මැවෙන යම් දෙයක් හැඟීමක් අපුර්ව නව්‍ය අයුරින් වෙනස්ම ලෙසකින් ඉදිරිපත් කල හැකිනම් එය අපූර්ව වූ නිර්මාණයකි.කුමරියක පා සළඹ සැලූන ගීතයද එවැනිම වූ නිර්මාණයකි.



කුමරියක පා සළඹ සැලූනා..

වසා සිටි නෙතු පියන් ඇරුනා..

කුමර බඹසර අසපුවේ මා..

සම වැදී උන් දැහැන් බිඳුනා..

කුමරියක පා සළඹ සැලූනා..



කුමරියකගේ පා සළඹක හඬ ඇසුන නියාවෙන් පිය සිටි දෙනෙත් අවදි වූ ඔහු දුටු දසුනින් දෙනුවන් පමණක් නොව සිත පවා විවර විය. ඒ ඔහු දුටු ස්ත‍්‍රියගේ මන රංජන රුපශ‍්‍රිය නිසාමය.කුමර බඹසර අවදිය හෙවත් යම  වනයේ සම්භෝග සුවයෙන් වැලකි සිටීම පවා බිඳ දැමීමට තරම් ඇය සුන්දරය.ඒ

සුන්දරත්වයම ඔහුතුල ඇති කල රාගික හැඟීම නිසාම ඔහුට ඇයගේ පහස විඳීමේ ආශාව උද්දීපනය වූ බව මෙමඟින් ධ්වනිත කරවයි. පේ‍්‍රමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි ලෙස කෙතරම් ගී ගැයුනද  එය ප‍්‍රයෝගික තලයේදී එය කණපිට හැරවිමකි. කෙනෙකි දුටු පමණින් ඈ කෙරේ රාගික හැඟීමෙන් එක් වීම මතභේදාත්මකය. නමුත් සත්‍ය නම් එයමය. උක්ත පද පෙළ තුලින්ද ස්ඵුට කරනුයේද මෙයමය.

අද වන විට ආදරය රාගය තුල නිමග්න වීමක් දැකගත හැකි කරුණකි.එහි උචිත අනුතිත බව කෙසේ නමුත් වත්මන් තත්වය පවතින්නේ ඒ මතය. ඉහත ගී කොටස තුල නිර්මාණකරු ස්ත‍්‍රී රුපය හේතුකොට ගෙන රාගික හැඟීම් උද්දීපනය වන තරුණයකුගේ හැඟීම්, මනෝභාවයන් විවරණය කරන අයුරු ගීතය පුරාම  දක්වයි. මෙය ඉතා අපුර්ව ලෙස ඉදිරිපත් වන නිසාම රසිකයා තුල රසභාවයන්ට එහා ගිය කාලත‍්‍රයටම උචිත වූ අර්ථයන් ගෙන එන නිර්මාණයක් ලෙස දැක්විය හැක. අද වන විට ආදරයේ තීරක සාධකය වී ඇත්තේ රුපයයි. මනා වූ රූ සපුවක් ඇත්නම් යට ආදරය කිරීමට දෙවරක් නොසිතයි.ඒ ආදරය පදනම්ව නොව හුදෙක් රාගය, ශරීරය කෙරේ ඇති වන ආශාව පදනම්ව පමණකි. එය සත්‍ය ආදරය නම් තැන තැන අතරමං වූ පියෙක් නැති දරුවන්, විලාප නගන කාන්තාවන් කොයින්ද?



උකුල ළැම හස මලවි කරලිය

මුවා කල ඇගෙ දුහුල් සළු තිර

විවර කෙරුවා මනස් සලෙළුන්

උමතු වු දෙනුවන් රැුහැන් ඇද

මා අබියස මැවුනු තුසිතය

සුරන් නැළවූ සුයාමය..



මෙම ගීත කණ්ඩය නිර්මාණකරුගේ පරිකල්පන ශක්තිය මොනවට පිළිබිඹු කරවයි.ඇයගේ උකුල, ලැම හා අනංගයා රන්ගනේ යෙදෙන වේදිකාව නැතිනම් උකුලට පහල කොටස වසා ඇති අයගේ දුහුල් සළු පොට ඔහුගේ දෙනෙත් බැල්මෙන් ඉවත් කරයි.එනම් ඔහු ඇයව තම මනසින් නිරුවත් කරයි.එය නිර්මාණකරු අපුර්ව උපමා රූපක යොදමින් අපුර්ව ලෙස ඉදිරිඅත් කර ඇති අයුර මනරම්ය.මෙය රසිකයා තුලද චිත්ත රූප මවයි.අගේ නිරුවත් සිරුර හුල ඔහුට දනුනුයේ දෙව් ලොව සැපයක්ය.ඒ තුලින් ඔහුග ඉන්ද්‍රිය සන්තර්පණය වූ අයුරු මනාවට ධ්වනිත කරවයි.

මෙය හුදෙක් ශෘන්ගාරමය ලෙස දැනෙනමුත් මේ තුලින් නිර්මාණකරු ගෙනෙනුයේ ගැඹුරු වූ දර්ශනයකි.මිනිසෙකු තුල ඇති වන එක රාගික හැඟීමකින් ස්ත‍්‍රියක් නිරුවත් කිරීමට පමණක් නොව මනසින් ඈ සමඟින් සම්භෝගයේ යෙදීමට  පවා එකී හැඟීම් හි පවතින ශක්‍යතාවය ප‍්‍රභලත්වය නිර්මාණකරු දක්වන ආකාරය මනරම්ය. එක් දසුනකින් ස්ත‍්‍රී ශරීරයක් ¥ෂ්‍ය කිරීමට තරම් පිරිමි සිත් තුල පවතින හැඟීම් හි ප‍්‍රභලත්වය ඒ තුලින් පිළිබිඹු වේ.

මනසින් ස්ත‍්‍රියක් නිරුවත් කිරීමට තරම් හැඟීම් කෙතරම් නම් ප‍්‍රභල විය යුතදු? අද සමාජය තුලත් තත්වය මෙයමය. අද තරුණියකට පමණක් නොව මහලූ කාන්තාවකට හෝ තනිව ගමනක් යාමට තරම් වත් සුදුසු සමාජයක් අද නැත. ඒ මිනිස් සිත ්තුල පවතින් විකෘති ආශාවන් හ ිප‍්‍රභලතාවය නිසාමය. නිර්මාණකරු උත්සහ කරනුයේ තම නිර්මාණය තුලින් සංකීර්ණ වූ මෙම පෘථක්ජන මනුෂ්‍ය ස්වභාවය විවරණය කිරීමටය.

මෙතෙක් ගීතය තුලින් ප‍්‍රකාශිත අර්ථය වෙනස්ම මාවතකට ගෙනෙන ධර්මවර්ධනයන් මීළඟ පද පෙලෙන් එයට නව වේශයක්, නව ජීවයක් ලබා දෙයි.



නිසල ජීවන තපෝ වන මැද

හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද

තලා සිත කම්පනය කරවයි

ලපලූ තුරුවැල් කැකුළු මල් පෙති

මා හඬවයි බිඳුනු තුසිතය

සුරන් නැලවූ සුයාමය..



මෙම ගීතය මතුපිටින් බලන්නකුට මෙය තුලින් සම්භෝග සුවය වර්ණනා කරමින් ලියවුන ගීයක් ලෙසත්,ඇතැම් විට සිත් රාගයෙන් පුරවන ගීතයක් ලෙසටත් අර්ථ දැක්වීමක් සිදුවිය හැක.එසේ නමුත් මෙහි කියවීම ඉඳුරාම වෙනස් අර්ථයක් කුළුගන්වන්නකි.මෙම ගීතයේ අභ්‍යන්තරයට ගොස් බැලූවහොත් මෙම ගීතය තුලද දර්ශනයක් ගැබ්ව ඇති බව පෙනේ. එය බෞද්ධ දර්ශනයට සමයක් දක්වන්නේ යැයි වැටහේ. .මිනිසාගේ සිත ආශාවන්ගෙන් බැඳුණු කල්හි ,සංසාර බැඳීම තර වෙයි,එය අහිමි වී ගිය කල්හි එමඟින් දැනෙන ශෝකය එය තමා සතුව තිබෙන කල්හි විඳි සංතර්ර්පණයට වඩා බොහෝසෙයින්ම වැඩිය.එසේම ප‍්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකකි.එසේම මෙම ගීතය තුළින් විප‍්‍රලම්භ ශෘංගාරය වහනය වේ.

තාපසයින් වැඩ සිටි නිසසල වනයක් වැනි තම සිත , තම දිවිය ඇගේ පැමිණීම සමඟ වෙනස් වුයේ දම්වැල් වලින් බැඳ තබනා ලද කෙලෙස් නමැති ඇත සේනාව නිසසල වනයට වැද නොමේරු ඵල , ගස්වැල් ,සියුමැලි මල් පෙති සඳ දැමුවාක් මෙන් අවුල් ජාලාවක් කරමිනි.ඔහු මුලින් සුර ලොවක් ලෙස විඳි එකී හැඟීම තාවකාලික සුවයක් පමණකි.ඔහු ඒ දුටු දෙව්ලොව ඔහු පතන තුසිතය නොවන බව ඔහුට ස්පුඨ වන්නේ ජීවිතය අවුල් ජාලාවක් බවට පත්වීමෙන් පසුවය.

එනම් මෙහි ඇති දර්ශනය පිළිබඳව මතුපිටින් රස විඳින්නකුට නොවැටහේ.ගීතය තුල මෙන්ම ජීවිතය තුලද එසේමය.සුන්දර ලෙස දකින, සුන්දර ලෙස සිතන,සුන්දර ලෙස පෙනෙන කිසිවක් සත්‍ය ලෙසටම සුන්දර වන්නේ නොවේ.මිනිසාගේ සිත ආශාවන්ගෙන් බැඳුන කල්හි සංසාර බැඳීම තර වේ. මෙතෙක් ඔහු ගෙවූ ශාන්ත වූ ජිවිතයේ නිසල බව බිඳ දමමින් ජිවිතයට ආ වඩන ලද කාම රාගය ඔහුව කෙටි කලකට සන්තර්පණය කර ඔහු රවටා සිත කම්පිත කරවමින් පලා ගොස් ඇත. සැබවින්ම රාගය නම් මායාවකි.

මිනිස් ජිවිතයක් විනාශ වන්නට එක නිමේෂයක හට ගන්නා වූ සියුම් එක සිතිවිල්ලක් පමණක්ම ප‍්‍රමාණවත් වන්නේය.වත්මන් තාරුණ්‍යයේ ආදරයද රාගය මත පදනම් වන බව සුලබව දැකගත හැක.රාගය නම් දැලෙන් යොවුන් දෑස , බුද්ධිය අවාරය කොට පවතී. එකී දැල ඔවුන්ගෙන් මිදෙන දින වන විට ඔවුන්ගේ ජීවිතය විනාශ වී තිබීමට ඇති ඉඩ කඩ ඉහලය.සැනෙකින් ඇති වන ආලය හෝටල් කාමරයකින් අහවර වීමට හේතු වන්නේ තත්පර ගණනකට ඇති වන්න වූ ආශාව ,රාගික එක සිතිවිල්ලක් පමණකි.

හුදෙක් තාලය එක කල වදන් සමුහයක් පමණක් ලෙස මෙය රස විඳින මුත් එහි දර්ශනය කියවීම නම් භාවනාවකි.ඒ තුල ඇති ජිවන දෘෂ්ටිය නම් අති ගැඹුරුය.ජිවිතයේ යතාර්ථය අවබෝධය කරවීමට  වචන කිහිපයකට සත්සරයේ සුසංයෝගය නම් මනරම්ය.වත්මන් ගීත කලාව මෙන් නොව පුරාණ ගීත තුල පවතින්නේම ගැඹුරු දර්ශනයකි.කේ.ඞී .කේ.ධර්මවර්ධනයන් වැන්නවුන් තම නිර්මාණ තුලින් හුදෙක් සමාජ ප‍්‍රගමනය අපේක්ෂා කල නිර්මාණකරුවකු ලෙස දැක්වීම නිවැරදිය. හුදෙක් වින්දනය පමණක් නොව ඉන් එහා ගිය මානව චිත්ත ස්වභාවයන් ගැඹුරු තලයක සිට නිර්මාණාත්මකව විවරණය කරමින් නව දර්ශනයන් ගොඩ නැගීමට ගත් ප‍්‍රමුඛ නිර්මාණයක් ලෙස මෙකි ”කුමරියක පා සළඹ සැලූණා ” ගීතය හඳුන්වා දිය හැක.