තොරතුරු දැනගැනීමේ අයිතිය
තොරතුරු දැනගැනීම යනු කුමක්ද?
ප්රජාතන්ත්රවාදී ගති ලක්ෂණ සහිත රටක පුරවැසියන් විසින් තෝරා පත්කර ගන්නා ලද නියෝජිත ආයතනයක(ආණ්ඩුවක) ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා දැන ගැනීමේ නීත්යනුකූල අයිතිය එම රටේ පුරවැසියන් සතුව පැවතීම, දූෂණයට, වංචාවට, අසාධාරණයට වැටබැඳීමක් වනවා සේම රාජ්යයයේ කාර්යක්ෂමතාවය ද වඩවන්නකි. විශේෂයෙන්ම ජනතා බදු මුදල් ආණ්ඩුව වියදම් කරන්නේ කෙසේද? යන්න පිළිබඳව පාරදෘෂ්යභාවයක් තිබීම සහ මූල්‍ය ගනුදෙනු, ටෙන්ඩර් පටිපාටි පිළිබඳව නිල තොරතුරු දැනගැනිමේ හා ලියවිලි පරීක්ෂා කිරීමේ අයිතිය පුරවැසියා සතුව තිබීම රටට යහපතකි.
එමෙන්ම, ආණ්ඩුව විසින් ජනතාවට නොපමාව ඉටු කළ සේවාවන් රාශියක් පවතින අතර ඒවා සිදු නොවන්නේ නම්, සාධාරණය ඉෂ්ටකර ගැනීම සඳහා නිශ්චිත ක්රමවේදයක් ද තිබිය යුතුය. උදාහරණයක් ලෙස, පුරවැසියන්ට අදාල රාජ්‍ය සේවාව, රාජ්‍ය නිලධාරීන් විසින් නිසි ලෙස ඉටු නොකරන ලද්දේ නම්, ඒවා කඩිනමින් ඉටුකර ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට නිත්යනුකූල හිමිකමක් ජනතාවට තිබිය යුතුය. එවැනි අවස්ථාවලදී රාජ්‍ය ආයතන වලින් නිල වශයෙන් තොරතුරු ලබා ගැනීමේ අවශ්යතාවය මතු වන අතර ඒ සඳහා ගත යුතු ක්රියා පටිපාටිය පිළිබඳව රටක නීතිය තුළ නිශ්චිතව සඳහන් විය යුතුය.
මෙම සමස්තය තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සරළව හැඳින්විය හැකි අතර මේ වන විට ජාත්යන්තර වශයෙන් පිළිගෙන ඇති මෙම අයිතිය ලෝකයේ බොහෝ රටවල ක්රියාත්මක වෙමින් පවතී.
RTI යන කෙටි නමින් හඳුන්වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතියයි. මේ සඳහා ඇතිකළ තොරතුරු දැනගැනීමේ පනත තුළින් පොදු අධිකාරීන්ගේ තොරතුරු ලබාගැනීම සිදුකළ හැකිය. තවත් ආකාරයකින් ගන්නේ නම් මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින් පොදු කටයුතු සිදුකරන ආයතනවල සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතොරු සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. ඇතැම් රටවල්වල මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති අයිතියක් ලෙස දැකිය හැකිය. සැබවින්ම මෙම අයිතිය ”තොරතුරු නිදහස”, විවෘත වාර්තා”, සන්ෂයින් නීතිය” ලෙසටද අර්ථ දක්වනු ලබයි. ඇතැමුන් මෙය පුරවැසියන්ට රජය පිළිබඳ සහ රජයේ ක්රියාවන් පිළිබඳ තොරතුරු ලබාදෙන නීතිය ලෙස මෙම තොරතුරු දැනගැනීමේ නිතිය හදුන්වනු ලබයි. තොරතොරු දැනගැනීමේ අයිතියට ප්රකාරව පොදු අධිකාරීන් දෙසට අවධානය යොමු කිරීමේදී පුරවැසියා විසින් ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් ලබා දීමට බැදී සිටියි. එනම් ඕනෑම භෞතික ස්වරූපයකින් ඇති සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් ලිපි, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍ර ලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ක්ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, පරිගණක වාර්තා, සාම්පල්, ආදේශක, හුවමාරු වන ලිපි, සන්දේශ, නීති කෙටුම්පත්, පොත්, සිතියම්, චිත්‍ර, රූපසටහන්, රූපමය හෝ ප්රස්තාරමය සටහන්, සේයාපට යනාදී වර්ග 43ක් සහ තවත් එවැනි දේ පුරවැසියා ඉල්ලා සිටින තොරතුරක් ලබාදීමට පොදු අධිකාරීන්ට නොහැකිනම් ඒ යම් කෙනෙකුගේ පුද්ගලික තොරතුරු, ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය, වාණිජ රහස් හෝ බුද්ධිමය දේපළ, පුද්ගලික වෛද්‍ය වාර්තා,පාර්ලිමේන්තු වරප්රසාදවලට හානි කරන තොරතුරු, අධිකරණ අපහාසය හෝ අධිකරණයේ අපක්ෂපාතී බවට හානි කරන තොරතුරු, ප්‍රසිද්ධ විභාගයක් පිළිබඳ තොරතුරු හෝ මැතිවරණ කොමසාරිස් විසින් පැවැත්වූ මැතිවරණයක් පිළිබද තොරතුරු ආදී තොරතුරු ලබාදීමට නොහැකි තොරතුරු ලෙස හැදින්විය හැකිය.
ජාත්යන්තර ආදර්ශ
තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ පනතක් ලෙව ප්රථම වරට සම්මතකරගෙන ඇත්තේ 1766 වසරේ ස්වීඩනයේදී ය මෙය පුවත්පත් නිදහස පිළිබඳ පනත වන අතර මෙමගින් ජනතාවට රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේ අයිතිය තහවුරු කර තිබේ. 1946 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිගෙන තිබෙන අතර ඒ අනුව යමින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ (1948) සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්යන්තර සම්මුතියේ (1966) 19 වැනි වගන්ති දෙක යටතේ දේශසීමාවකින් තොරව අපක්ෂපාතීව තොරතුරු සෙවීමේ සහ ලබාගැනීමේ අයිතිය තහවුරු කර දී ඇත. ආසියාවේ පමණක් රටවල් 19ක පාර්ලිමේන්තු පනත් මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිගෙන ඇත. දකුණු ආසියාව තුළ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා නේපාලය යන රටවල්වල තම ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කර දී තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය සක්රීය ලෙස ක්රියාත්මක වෙමින් ජනතා ප්රසාදය හිමිකරගෙන ඇති රටක් ලෙස ඉන්දියාව හඳුනාගත හැකි වේ. මෙම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගනු ලැබුවේ 2005 දී වන අතර දැනුවත් පුරවැසියන් ප්රජාතන්ත්රවාදයට අනිවාර්යයෙන්ම අවැසි බව එහි පූර්විකාවේ සඳහන් කර ඇත. ජනතාව ඉල්ලා සිටින තොරතුරු ලබා නොදෙන (ප්රතික්ෂේප කරන), තොරතුරු දීම ප්රමාද කරන සහ සාවද්‍ය තොරතුරු ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් අය කර ගත යුතු දඩ මුදල පැහැදිලිවම සඳහන් වන්නේ ද ඉන්දියානු නීතිය තුළ ය. මෙම නීතියට අනුව ඉන්දියාවේ සෑම රාජ්‍ය ආයතනයක්ම මහජන තොරතුරු නිලධාරියෙකු පත්කර ගත යුතු අතර ඕනෑම පුරවැසියෙකුට අවශ්‍ය හේතු කාරණා නොදක්වා රජයේ ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටීමට අයිතියක් ඇත
මෙම තොරතුරු දැනගැනීමේ පනත මෙරට තුළ පිහිටුවා ඇත්තේ මෙරට විනිවිදභාවය, රජයේ වගකිව යුතු බව, දූෂණයට එරෙහිව ජනතාව ආරක්ෂා කිරීම මෙන්ම ප්රතිපත්ති සැකසීමට මහජන සහභාගිත්වය ලබා ගැනීම ආදී කරුණු ප්රායෝගිකව ක්රියාවට නැංවීම මූලික කරගැනීමටය.
රටක් ඉතා සාර්ථක ලෙස ප්රජාත්රන්තවාදය ක්රියාත්මක කිරීමේදී තොරතුරු ඉතා වැදගත් සාධකයක් වේ. රටක පුරවැසියා හට තම රාජ්යයේ කාලීන දේශපාලනික, සමාජීය සහ ආර්ථික ගැටළු දැනට පවතින ක්රියාවලිය පිළිබඳ දැනුවත් බවක් තිබිය යුතුය. මෙකී කාරණය තුළ පුරවැසියා දැනුමෙන් සන්නද්ධ කිරීමේ වගකීම පැවරී ඇත්තේ මාධ්යයවේදියා සතුවයි. මෙහිදී මාධ්යයවේදියා සතු වගකීම ඉතා පුළුල් පරාසයක් කරා විහිද යයි. යම් සිදුවීමක් පිටුපස ඇති සත්‍ය කරුණු ඌන ප්රකාශයෙන් හෝ අතිශයෝක්තියක් නොමැතිව පුරවැසියා කරා ගෙනයාමේ මූලික වගකීම මාධ්යයවේදියා සතුවේ.
රටක තොරතුරු දැනගැනීමේ අයිතිය ක්රියාත්මක කිරීමට ජනමාධ්යයවේදීන්ගේ ක්රියාවලිය මූලික ලෙස බලපානු ලබයි. මෙකී සාධක නිසා ඔවුන් යම් වාර්තාකරණයක යෙදීමේදී එය නිවැරදි සහ උසස් තත්ත්වයෙන් යුක්ත විය යුතුය.
තොරතුරු මුලාශ්‍ර මාධ්යවේදියෙක් විසින් අනාවරණය නොකළ යුතු අතර මාධ්යවේදීන් විසින් ඒ සඳහා අවශ්‍ය යොමු කිරීම සිදුකළ යුතුය. මාධ්යවේදීන් විසින් තොරතුරු මූලාශ්‍ර අණාවරණය කළ යුතු නොවුණද හැමවිටම තොරතුරු මූලාශ්‍ර ආශ්රය කිරීම මාධ්යවේදීන් විසින් කළ යුතුය. රටක සිව්වන ආණ්ඩුව ලෙස ද නිරන්තරයෙන් හඳුන්වනු ලබන ජනමාධ්‍ය වූ කලී මහජන සුබසිද්ධියට අදාළ ආණ්ඩුවේ ක්රියාවන් පිළිබඳ තොරතුරු, එකී තොරතුරු හෙළිකිරීමෙන් යම් අධිකාරියක් වෙත සෘණාත්මක බලපෑමක් ඇතිවන්නේ වුවද, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමට යටත් කිරීමට සමත් විය යුතුය. මේ අනුව ගවේෂණාත්මක ජනමාධ්‍යවේදය, ජනමාධ්‍ය විසින් පුරවැසියන් සහ ප්රජාතන්ත්රවාදය වෙත ප්රධාන වශයෙන් දායකත්වය ලබාදෙන එක් ක්රමයක් වේ. ජනතාවගෙන් බහුතරය සිය තොරතුරු දැනගැනීමේ අයිතිය සෘජු සහ පුද්ගලික ක්රමයකින් භාවිතා නොකරන්නේය යන කාරණය අප විසින් සැලකිල්ලට ගැනීමේදී ගවේෂණාත්මක මාධ්යවේදයේ මෙකී සුවිශේෂීභාවය අතිශය වැදගත් බව පෙනී යයි. තොරතුරු දැනගැනීමේ අයිතිය ගවේෂණාත්මක මාධ්යවේදයේ අතිශය වැදගත් මෙවලමක් බව සනාථ වී ඇත. මේ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය මාධ්යවේදීන් සඳහා අතිශයින්ම වැදගත් වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කිරීම තුළින් මාධ්යවේදීන්ට ලද හැකි මූලික ප්රතිලාභ
විශ්වාසවන්තභාවය සහ නිරවද්යතාවය
හරවත් (හොඳ) කතාවක්
සමාජ වටිනාකම
තොරතුරු ඉල්ලීම් හරහා ප්රවෘත්ති සහ තොරතුරු සඳහා වූ විශ්වාසනීය සහ නිල මූලාශ්රයන් මාධ්යවේදීන්ට ලබාගත හැකිය. එසේම කරුණු, සංඛ්‍යාලේඛන සහ වැඩිදුර විස්තර මගින් මාධ්යවේදීන් සතුව තිබෙන තොරතුරු තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ද මෙය යොදාගත හැකිය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මෙම නීති
සම්පාදනය ඔස්සේ මාධ්යවේදීන් හට තම වාර්තාකරණය ඉතා සහසුවෙන් සහ
විශ්වාසනීය දත්ත එකතු කරමින් වාර්තා කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙනු ලැබේ.