උඹත් මාත් අතර පරතරය
ආලෝක වර්ෂ වලින් මැන්නත්
සෑහෙන්න ලොකු ගාණක්
බිලියනම මිලියනයක් විතර ඇති
අනේ මන්ද
ඊටත් වැඩිද කියල හිතා ගන්න බෑ වෙලාවකට
ආලෝක වර්ෂ වලින් මැන්නත්
සෑහෙන්න ලොකු ගාණක්
බිලියනම මිලියනයක් විතර ඇති
අනේ මන්ද
ඊටත් වැඩිද කියල හිතා ගන්න බෑ වෙලාවකට
කොහොම හරි
උඹයි මායි දැන්
එකම කාල රාමුවේ හම්බෙලා ඉන්නවා
ටෙලස් කෝප් ඕනි නෑ
කොච්චර ඈත උනත් මට උඹව පැහැදිලිව පේනවා
උඹයි මායි දැන්
එකම කාල රාමුවේ හම්බෙලා ඉන්නවා
ටෙලස් කෝප් ඕනි නෑ
කොච්චර ඈත උනත් මට උඹව පැහැදිලිව පේනවා
මට උඹව දැනෙනවා
කොයි තරම් කළුවරක උනත් මොකෝ
හැම රෑකම මගේ ඇස් වලට ළං වෙන්න
උඹ කොහොම හරි විදිහක් හොයා ගන්නවා
උඹත් හරි හිතුවක්කාරියක් වෙලාවකට
අමාවක ද පසළොස්වක ද කියල අදාල නෑ
හැමදාම
හැම රෑම
උඹ මොන වංගු ගහල හරි
මගේ හිත පතුලෙ නාභි ගත වෙනවා
අන්න ඒ හිතුවක්කාර දඩබ්බර ගතිය නිසයි
අනිත් උන්ට වඩා මං උඹට ආදරේ
කොයි තරම් කළුවරක උනත් මොකෝ
හැම රෑකම මගේ ඇස් වලට ළං වෙන්න
උඹ කොහොම හරි විදිහක් හොයා ගන්නවා
උඹත් හරි හිතුවක්කාරියක් වෙලාවකට
අමාවක ද පසළොස්වක ද කියල අදාල නෑ
හැමදාම
හැම රෑම
උඹ මොන වංගු ගහල හරි
මගේ හිත පතුලෙ නාභි ගත වෙනවා
අන්න ඒ හිතුවක්කාර දඩබ්බර ගතිය නිසයි
අනිත් උන්ට වඩා මං උඹට ආදරේ
අපේ ආදර කතාවත් හරි අපූරුයි නේද
උඹ ඔහේ
මං මෙහේ
අපි අතර හිඩැස පුරවන්නෙ
හිස්ම හිස් අවකාශය
උඹ ඔහේ
මං මෙහේ
අපි අතර හිඩැස පුරවන්නෙ
හිස්ම හිස් අවකාශය
දන්නවද උඹ
හිස් බව
වෙන මෙලෝ මගුලක් වත් නැතිව
හිස් බවින්ම පිරුනම
ඒකෙත් තියෙනව අමුතු හැඩක්
හරිම ලස්සන හැඩක්
හිත ඇදිල බැඳිල යන හැඩක්
හිස් බව
වෙන මෙලෝ මගුලක් වත් නැතිව
හිස් බවින්ම පිරුනම
ඒකෙත් තියෙනව අමුතු හැඩක්
හරිම ලස්සන හැඩක්
හිත ඇදිල බැඳිල යන හැඩක්
ඔන්න ඉතින්
උඹත් එක්ක කතා කරන්න ගත්තම
හැමදාම වෙන්නෙ මේක
කතාව කොහෙද මේ යන්නෙ
පොඩ්ඩක් ඉදපං බලන්න
අපි මොකක් ගැනද කතා කර කර හිටියෙ
ම්ම්ම්හ්... අහ්... ඔවූ... අවකාශය
අපි අතර පරතරය
ඒක සෑහෙන්න ලොකු දුරක්
ආලෝකයේ වේගෙන් ආවත්
උඹ ගාවට එන්න
අවුරුදු බිලියනම මිලියන ගාණක් යාවි
උඹත් එක්ක කතා කරන්න ගත්තම
හැමදාම වෙන්නෙ මේක
කතාව කොහෙද මේ යන්නෙ
පොඩ්ඩක් ඉදපං බලන්න
අපි මොකක් ගැනද කතා කර කර හිටියෙ
ම්ම්ම්හ්... අහ්... ඔවූ... අවකාශය
අපි අතර පරතරය
ඒක සෑහෙන්න ලොකු දුරක්
ආලෝකයේ වේගෙන් ආවත්
උඹ ගාවට එන්න
අවුරුදු බිලියනම මිලියන ගාණක් යාවි
මේ කතාවෙ පොඩි පරහක් තියෙනව වගේ නේද
උඹ ගාවට එන්න මට එච්චර කාලයක් යනව නම්
මම ගාවට එන්නත් ඒ කාලෙම උඹට යාවි නේ
උඹ ගාවට එන්න මට එච්චර කාලයක් යනව නම්
මම ගාවට එන්නත් ඒ කාලෙම උඹට යාවි නේ
එතකොට හැමදාම මාව හොයාගෙන එන මේ උඹේ දීප්තිමත් කිරණ
ඒ ඇවිත් උඹ අවුරුදු බිලියනම මිලියන ගාණකට කලියෙන්
විහිදාපු එළිය ද?
ඒ ඇවිත් උඹ අවුරුදු බිලියනම මිලියන ගාණකට කලියෙන්
විහිදාපු එළිය ද?
ඇත්ත කියපන් තාරකාවී
උඹ තාම ජීවත් වෙනව නේද
තරුවක ආයු කාලය
අවුරුදු බිලියනම බර ගාණක් නෙ
ඉතිං උඹ කොහේ මැරෙන්න ද දැන්ම
උඹ තාම ජීවත් වෙනව නේද
තරුවක ආයු කාලය
අවුරුදු බිලියනම බර ගාණක් නෙ
ඉතිං උඹ කොහේ මැරෙන්න ද දැන්ම
ඒ උනත් එක අතකට
අපේ දුර පරතරය ගත්තම
සමහර විට දැන් උඹ මැරිල
අවුරුදු ගාණකුත් ගෙවිල ඇති
ඒ බවක් අපි තාම දන්නෙ නැතිව ඇති
සමහර විට මේ ජීවිත කාලෙ ඇතුලත
අපි ඒක කවදාවත්ම දැන ගන්නේකුත් නෑ
මොකද උඹේ අන්තිම හුස්ම පිට කරන කිරණෙටත්
මාව හොයාගෙන එන්න යන කාලෙ ගත්තම
ආත්ම බර ගාණකම
මැරි මැරී ආයෙ උපදින්න පුළුවන් මිනිහෙක්ට
අපේ දුර පරතරය ගත්තම
සමහර විට දැන් උඹ මැරිල
අවුරුදු ගාණකුත් ගෙවිල ඇති
ඒ බවක් අපි තාම දන්නෙ නැතිව ඇති
සමහර විට මේ ජීවිත කාලෙ ඇතුලත
අපි ඒක කවදාවත්ම දැන ගන්නේකුත් නෑ
මොකද උඹේ අන්තිම හුස්ම පිට කරන කිරණෙටත්
මාව හොයාගෙන එන්න යන කාලෙ ගත්තම
ආත්ම බර ගාණකම
මැරි මැරී ආයෙ උපදින්න පුළුවන් මිනිහෙක්ට
ඉතිං තාරකාවී
බලපං ඒකෙත් හැටි
කොයිතරම් ආදරේ උනත්
තරුවක් කියන්නෙ සමහර වෙලාවක
ලොකුම ලොකු බොරුවක්
තාමත් ඉන්නව කියල පෙන්නගෙන
මැරිලත් එළිය විහිදන
තනිකරම බොරුවක්
බලපං ඒකෙත් හැටි
කොයිතරම් ආදරේ උනත්
තරුවක් කියන්නෙ සමහර වෙලාවක
ලොකුම ලොකු බොරුවක්
තාමත් ඉන්නව කියල පෙන්නගෙන
මැරිලත් එළිය විහිදන
තනිකරම බොරුවක්
භාව
තිලංක තේනුවර
19. 06. 2019
තිලංක තේනුවර
19. 06. 2019

No comments:
Post a Comment